බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්වින්දනීය පුවත්

කොළඹ ගාලුමුවදොර නාගරික වනෝද්‍යානය ජනතා අයිතියට

Share Button

කොළඹ ගාලුමුවදොර නාගරික වනෝද්‍යානය මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ ජනතා අයිතියට පැවරිණ. නාගරික සංවර්ධනය සිදුවන අතරතුර ජනතාවට නිදහසේ ගත කිරීමට පරිසර හිතකාමී වනඋයන් නිර්මාණය කිරීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිඥාවට අනුව පසුගිය වසරේ ජුනි මාසයේ එහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි. අක්කර 2 ක භුමියක් පුරා විහිදි ඇති මෙම නාගරික වනෝද්‍යානය සඳහා වැය කෙරුනු මුදල රුපියල් 13 න් කෝටි 50 ස් ලක්ෂයකි. අදියර 3 ක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රථගාලක් හා එලිමහන් අවන්හලක් ඉදිකිරීම පළමු අදියර යටතේ සිදු වෙයි. යුද හමුදා මුලස්ථානය සඳහා භාවිත කළ පැරණි ගොඩනැගිලි දෙක සංරක්ෂණය හා වැඩිදියුණු කර නව භාවිතය සඳහා යෙදවීම දෙවන අදියරයි. තුන්වන අදියර යටතේ නාගරික වනඋයනක් සකස් කෙරේ. ගාලු මුවදොර පිටිය හා ගාලුපාර සම්බන්ධ කරමින් සැලැස්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම සිව්වන අදියරයි. ඒ අතරින් පළමුවන හා තුන්වන අදියර දෙක ඊයේ ජනතා අයිතියට පැවරිණ. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...