ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය යටතේ ගෘහ හා පුරවැසි දත්ත පද්ධතියක් සකස් කෙරේ
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඊ ග්‍රාම නිලධාරිී ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඒ යටතේ ගෘහ හා පුරවැසි දත්ත පද්ධතියක් සකස් කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ග්‍රාමසේවා වසම් 14022 කම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.
එම ප්‍රජා පාදක දත්ත පද්ධතිය මගින් පුද්ගලයෙකුගේ වර්තමාන පදිංචිය වඩාත් නිවැරදිව සනාථ කර ගත හැකි වෙයි. ඒ අනුව පෙර පැවති ගෘහමුලික ලැයිස්තු ක්රමයේ අවශ්‍යතාව සදහා ජාතික දත්ත පද්ධතිය වශයෙන් ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියේ දත්ත පද්ධතිය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනිමට නියමිතයි.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.