දරුවන් පිළිබඳ කරුණු ප්‍රචාරයේදී ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව ජනමාධ්‍ය ඇමති අවධාරණය කරයි

Share Button

සෑම රටකම සමාජය මෙහෙය වන තිරණාත්මක බලවේගය මාධ්‍ය බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහපෙරුම මහතා පවසයි. එබැවින් මාධ්‍ය සහ සමාජය දෙකක් නොව එකක් ලෙස තමා සලකන බව ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රි ලාංකීක සමාජය තුල දරුවාට තීන්දු තීරණ ගැනිමේ අයිතියක් නැත. එහෙත් ජාත්‍යන්තරය තුල තමන්ට අදාල කාරණාවලදී තීන්දු තීරණ ගැනිමේ අයිතිය දරුවන්ට පවරා තිබේ. අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම අදහස් පලකලේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති වැඩමුඑවකට එක්වෙමිනි. දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කල යුතු ආචාරධර්ම සම්බන්ධයෙන් එය පැවැත්වින.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වින්දිත දරුවන් සමාජයෙන් මුදාගත යුතු බව කිවේය. මේ වසරේ ගතවු කාලය තුලදී ජාතික ළමාරක්ෂක අධිකාරියට ළමා අපචාර සම්බන්ධ පැමිණිළි දහදාස් 700 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී තිබේ. ඒවා වාර්තා වු තොරතුරු පමණි. මාධ්‍ය සහ දරුවා අතර තිබිය යුත්තේ ගුරුවරයා හා ශිෂ්‍යා අතර ඇති සම්බන්ධයක් බව ද ඔහු කිවේය. දරුවන් පිළිබඳ කරුණු ප්‍රචාරයේදී ආචාර ධර්ම පද්ධතියක් නිර්මානය කරගැනිමේ අවශ්‍යතාව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කලේ රටේ අනාගතය වන දරුවන්ට දශක කිහිපයක් පුරා සිදුවන සිදුවීම් ඉතා ඛේදනීය බවයි. මේ වන විට රටතුල සැලකිය යුතු වීදි දරුවෝ සංඛ්‍යාවක් සිටිති. දරුවන් රැකගැනිමේ ක්‍රියාවලියට සියලුදෙනා එක්විය යුතු බව ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...