දේශගුණික විපර්යාසවලට මුහුණදිම සඳහා ශ්‍රි ලංකාවට උපරිම සහාය දෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි

Share Button

කාලගුණික විපර්යාසවලට මුහුණ දීම සදහා ශ්‍රි ලංකාව ගෙනයන වැඩපිළීවෙලට උපරිම සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම් කන්නි විග්නර් රාජා මහත්මිය සඳහන් කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කෙරේ. ඇය මේ බව කියා සිටියේ පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග එම අමාත්‍යංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදිය. දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කිරිමට යෝජිත වැඩපිළීවෙළ සම්බන්ධයෙන් එහිදි පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...