ඉන්දියාවේ සෑම විනාඩි 25 කට වරක් ගෘහණියක් සියදිවි නසා ගැනිමක්
ඉන්දියාවේ සෑම විනාඩි 25 කට වරක්ම ගෘහණියක් සියදිවි නසා ගන්නා බව එරට ජාතික අපරාධ කාර්යාංශය පවසයි. එම කාර්යාංශය මෑතදී නිකුත් කරන ලද දත්ත වලට අනුව පසුගිය වසරේදි පමණක් 22 දහස් 372 කට වැඩි ගෘහණියක් පිරිසක් සියදිවි නසාගෙන තිබෙ. ඉකුත් වසරේ සියදිවි නසා ගැනිම් එක් ලක්ෂ 53 දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඉන් සියයට 50 ක් කාන්තාවෝ වෙති. සියයට 14 යි දශම 6 ක් ගෘහණියන් වන බව එරට ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගෘහස්ත ප්රචණ්ඩත්වය බව මානසික සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එරට කාන්තාවන්ගෙන් සියයට 30 ක් කලත්‍ර ප්‍රචණ්ඩත්වයට මුහුණ දී සිටින බව ද පැවසේ. ඊට අමතරව විවාහයේ පීඩාකාරී බව සහ නිවසේ අධික වෙහෙසකර බව ද ඊට හේතු වි ඇතැයි ඔව්හු පෙන්වා දෙති.