බේරේ වැවට පාවෙන තෙත්බිම්
බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැදවු පැල සහිත පාවෙන තෙත් බිම් දහසක් වැව මධ්‍යයට මුදාහැරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය.
අවිධිමත් නාගරීකරණය කොළඹ නගරයේ පිහිටි අපජලවාහිනි පද්ධති නිසිලෙස යාවත්කාලීන නොවීම නිසා බේරේ වැව අපවිත්‍ර වී තිබේ. එහි ජලය පවිත්‍ර කිරිමේ අරමුණින් ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලීය.
මෙම තෙත්බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනිම සිදුවෙයි. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමානය අඩුවි ජලය පවිත්‍ර වීම දුර්ගන්දය පහව යාම ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සපයමින් පාරිසරික සමබරතාව පවත්වාගෙන යයි. ජලය මතුපිට අලංකරණය එහි ලැබෙන තවත් ප්රතිඵලයකි.