ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතා තරගාවලිය අද ආරම්භ වෙයි
09 වන ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි අද ආරම්භ වෙයි.
ශ්‍රි ලංකාව මුහුණදෙන පළමු තරගය කුවේට් කණ්ඩායම සමග අද පැවැත්වෙ. ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම බී කොටසින් තරග වදි. එම කොටසට කුවේටය, නේපාලය සහ බංගලාදේශය යන රටවල් ඇතුළත්ය.
තරගාවලිය ලීග් ක්‍රමයට ආරම්භ වන අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගය ලබන 31 වැනිදා පැවැත්වේ.