මුහුද ගොඩගලා අදට වසර 17 යි

Share Button

ශ්‍රිී ලංකාව ඇතුඵ ආසියානු රටවල් රැසකට මහා විනාශයක් කළ මුහුද ගොඩ ගැලීමේ ඛේදවාචකය සිදුවී අදට වසර 17 ක් සපිරෙයි. ශ්‍රිී ලංකාවට කිලෝමිීටර් 1600 ක් දුරින් ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා අන්දමන් දුපත් ආශ්‍රිතව මුහුදු පතුලේ සිදුවු දරුණු භුමිකම්පාවක් මුහුද ගොඩ ගැලීමට හේතු විය. දින 3 ක් තුල එම මුහුදු ප්‍රදේශයේ භුමිකම්පා 70 කට අධික සංඛ්‍යාවක් සිදු විය. ඉන් ප්‍රබලතම භුමිකම්පාව සිදුවුයේ 2004 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකා වේලාවේන් පෙරවරු 06.58 ටයි. රිච්ටර් මාපකයේ ඒකක 9 ක් ලෙස එය සටහන් වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීී ලංකාව ඇතුඵ. රටවල් 14 කට බලපෑම් එල්ල විය. ලක්ෂ 3 ක පණ පිරිසකට ජීවිත අහිමි විය. ඉන්දුනිසියාව හැරුනුකොට එහි ප්‍රබලතල බලපෑම එල්ල වුයේ ශ්‍රීී ලංකාවටයි’ ශ්‍රී ලංකාවේ පේදුරුතුඩුවේ සිට ගල්කිස්ස දක්වා වු මුහුදු තීරය ප්‍රචණ්ඩ රළ පහරේ බලපෑමට ලක් විය. එදින පෙරවරු 09’36 ට නැගෙනහිර මුහුදු තීරයෙන් රට තුලට දරුණු ලෙස මුහුද ගොඩගලා ආවේය. දිස්ත්‍රික්ක 13 ක් එහි බලපෑමට ලක් විය’ මියගිය සංඛ්‍යාව 35 න් දහසකට ආසන්නය’ 5000 ක පමණ පිරිසක් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැත. තුවාල ලැබු සංඛ්‍යාව 23 න් දහසක් පමණ වෙයි’ නිවාස 6347 ක් මුඵ’මනින්ම විනාශ විය. අවතැන් වු සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්නය. සංචාරක හෝටල් 144 ක්ි ආගමික සිද්ධස්ථාන 386ක් පාසල් 73 ක් හා රෝහල් 9 ක මුඵ’මනින්ම විනාශ විය.’ මාතර තංගල්ල හම්බන්තොටි ගාල්ල යන නගර මුඵ’මනින්ම ජලයෙන් යට විය. මුහුදුබඩ දුම්රියි මාර්ගය හා මහාමාර්ගයට දැඩි හානි සිදුවිය.
මුහුදු ගොඩ ගැලීමේ ඛේදවාචකයෙන් සහ එදාමෙදාතුර විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලු දෙනා සිහි කිරීම සදහා 2015 දී සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි’ වාර්ෂිකව එම දිනයේ දවයින පුරා විවිධ වැඩසටහන් සවිංධාන කෙරේ’ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව වැඩසටහන් කිහිපයක් සංවිධාන කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මුහුද ගොඩ ගැලීමේ ඛේදවාචකයෙන් හා විවිධ ආපදාවලින් මියගිය අය සිහි කිරීම සඳහා අද පෙරවරු 9’25 සිට 09’27 දක්වා දිවයින පුරා නිෂ්ශබ.දතාවක් ආරක්ෂා කෙරේ. ්
ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් ්උත්සවය ගාල්ල බලපිටිය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දි අද පෙරවරුවේ පැවැත්වෙයි’ රාජ්‍ය නිලධාරීහු ර්‍ණ ආරක්ෂක අංශ සාමාජිකයෝ ඇතුඵ’ පිරිසක් ඊට එක් වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...