බස් ගාස්තු සංශෝධනය කෙරේ – අවම ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළට -නව ගාස්තු ජනවාරි 5 වැනිදා සිට ක්‍රියාත්මකයි
අවම බස් ගාස්තුව රුපියල් 14 සිට 17 දක්වා රුපියල් 3 කින් ඉහළ දැමීමට තීරණය කෙරේ. පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද පැවැති සාකච්ඡාවකදි මෙම තිරණය ගෙන තිබේ. මිට අමතරව රුපියල් 17 ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 23 ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත් ඉහළ යනු ඇත. එක් එක් මාර්ගවලට අදාළ නව ගාස්තු ලැයිස්තුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සකස් කර ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි. බස් ගාස්තු ඒ අනුව සියයට 17 කින් පමණ ඉහ යනු ඇත. මෙම නව බස් ගාස්තු ජනවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මකවේ.