පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම් වලට අදාළව සාකච්ඡා

Share Button

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වනවිට වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග සාකච්ඡා කරමින් තිබෙන බව කම්කරු අමාත්‍යංශය සදහන් කරයි.

විගමණික සේවකයන් සදහා රක්‍ෂණය ලබාදීමේ කටයුතු අප්‍රේල් මාසයේදී අවසන් කෙරේ. මෙරට කම්කරුවන්ට අදාළ නීති රාමුව නුතන තලයට ගැලපෙන පරිදි සකස් කිරීම දැන් සිදුකෙරේ. එහෙත් ඉන් කම්කරුවන්ට කිසිදු හානියක් වීමට ඉඩ නොදෙන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. වත්මන් ආණ්ඩුව ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තැයි කියා භාණ්ඩාගාරයට ඩොලර් ගලා එන්නේ නැති බව ඔහු සදහන් කළේය.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළ ජාතික ආර්ථික වැඩපිළීවෙලක් සකස් කළයුතුය. නව වසරේ රාජකාරී අරඹමින් කම්කරු අමාත්‍යංශයේදී ඇමතිවරයා මේ බව කීවේය. දැනට ඇති ගැටඵවලට දීර්ඝ කාලීන විසදුම් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...