සෙවනගල සීනි වසර 35 කට පසු ලාබ ලබයි

Share Button

සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ ආරම්භ කොට වසර 35 කට පසු පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 1300 ක ලාභයක් වාර්තා කරයි. ඒ අනුව සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසු වැඩිම ලාභයක් උපයා ඇත්තේ පසුගිය වසරේදීය. මෙසේ ලාභ ලැබීම නිසා සේවක සේවිකාවන්ට හා ගොවීන්ට ලාභාංශ බෙදාදීිමට හැකිවු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. මේ වසරේදී උක් මෙට්‍රික්ටොන් ලක්‍ෂ 3ක් ඇඹරීමට හැකීවී තිබේ. නිෂ්පාදනය කළ එතනෝල් ප්‍රමාණය ලීටර් මිලියන 5කි. සමාගම සියයට 50 ක් ලාභ ලබන්නේ එතනෝල් නිෂ්පාදනයෙනි. ලැබු ලාභයෙන් සේවකයන්ට දීමනා ලබාදීමට අමතරව වසර 5ක් සේවය කළ අය ස්ථීර කිරිීමද පසුගියදා සිදුවිය. ලංකා සීනි සමාගම අයත් සෙවණගල ඒකකයේ අනියම් සේවක සේවිකාවන් 400 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමද පසුගියදා සිදුකෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...