තද වැසි සමග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

Share Button

ගත වු දින දෙක තුළදී පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලටත් කන්ද උඩරට ප්‍රදේශයටත් මිලිමීටර් සියය ඉක්මවු වැසි ලැබී ඇතැයි වාර්මාර්ග අධ්‍යක්ෂ ජලකලමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා පවසයි. මේ හේතුවෙන් එම ප්‍රදේශ වල ජලාශ වලට සැලකිය යුතු ජල ධාරාවක් ලැබෙමින් පවති. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අද උදෑසන අඩිය බැගින් විවෘත කර තිබේ. ජලාශය පහළ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර තත්පරයට ඝන අඩි 500 ක පමණ සුථ ජල ප්‍රමාණයක් එමගින් මුදා හැරෙන බව හෙතෙම කියයි. අම්පාර රඹකැන් ඔය ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...