කරදිය කිඹුලෙකුගේ ප්‍රහාරයකින් දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්‍ෂයට

Share Button

කරදිය කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීම නිසා දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීම සඳහා කිමිදෙමින් සිටි වෘත්තීය කිමිදුම්කරුවෙකි. ඔහු රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම කරදිය කිඹුලා කොටුකර ගැනීම සඳහා අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය හටගත් ස්ථානය අවට මුහුදේ මෙහෙයුමක් දියත් කර තිබුණි. මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙම ප්‍රදේශය ආශ්‍රිතව කරදිය කිඹුලන් සිටින බවට වාර්තා වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...