ජාතික ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් වී වසර 55 ක් සපිරෙයි

Share Button

ජාතික ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් වී හෙටට වසර 55 ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද සර්ව රාත්‍රික පිරිත් දේශනයකි. එය සිටි.එෆ්.එම්. හා ස්වදේශිය සේවා ඔස්සේ සජිවීව ප්‍රචාරය කිරිමට විධිවිධාන යොදා තිබෙ.  සංස්ථා කුමාරතුංග මැදිරියේදි හෙට පෙරවරුවේ සර්ව ආගමික වැඩසටහනකි. එම වැඩසටහන් ද සජීවිව විසුරුවා හැරේ.

ගුවන්විදුලි 55 වන සංවත්සරය නිමිත්තෙන් හෙට පස්වරු 06.00 සිට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදි විශේෂ ධර්මදේශනයකි.  එය ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව ප්‍රචාරය කෙරේ.
එම ධර්ම දේශනාව සඳහා ඔබට දායකත්වය ලබා ගත හැකිය. 0112-69-71-40 දුරකථන අංකය ඇමතීමෙන් ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *