විපක්‍ෂය සුදානම් කර තිබු උද්ඝෝෂණ මාලාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග බිදවැටේ.

Share Button

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති ඒකරාශි කර ගනිමින් විපක්‍ෂය දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණී. විවිධ ප්‍රදේශවලින් ජනතාව රැස්කර සිදුකිරීමට ගිය මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග බිද වැටී තිබේ. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත බවට තොරතුරු ලැබී ඇත. රජයේ සේවකයන් පන් දහසක් පමණ ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබුණි. මේ මස 24 හෝ 25 යන දිනවලින් එක් දිනක ජනතාව කොළඹට කැදවා ගාලුමුවදොර දක්වා ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබු බවට වාර්තාවෙයි. රට අභීයෝග රැසක් මධ්‍යයේ පවතිද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා පසුගිය කාලයේදී උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වීමට විපක්‍ෂය ක්‍රියාකළේය. රසායනික පොහොර සහල් මාපියාව .~ වෛද්‍යවරුන් ඇතුඵ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගුරු විදුහල්පති .~ ඛණිජ තෙල් සේවකයන් ඇතුඵ ක්‍ෂේත්‍රවල පිරිස් යොදා ගනිමින් උද්ඝෝෂණ පැවැත්වීමට ඔව්හු ක්‍රියාකළහ. ඔවුන්ගේ අරමුණ වන්නේ රජය අපහසුතාවට පත්කිරීමයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.