අල්මාතා නුවර ත්‍රස්තවිරෝධී විශේෂ මෙහෙයුමක්

Share Button

කසක්ස්ථානයේ අල්මාතා නුවර ත්‍රස්ත විරෝධී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ. කොල්ලකරුවන්ගෙන් හා කැරලි අවුලුවන්ගෙන් නගරය පිරිසිදු කර ගැනීම මෙහෙයුමේ අරමුණයි.

ගෑස් මිල වැඩි වීමට එරෙහිව පසුගිය දෙවෙනිදා ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පසුව ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. කඩ සාප්පු සහ කාර්යාල ගොඩනැගිලි 400 ක් පමණ කොල්ලකෑමට ලක් විය. නගරයේ විශාල සුවිසල් සුපිරි වෙළඳසල් ඒ අතර වේ.

අල්මාතා ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම මෙන් විනාශයට පත්ව ඇතැයි වාර්තා වේ. හදිසි සේවාවලට අයත් මෝටර් රථ රැසක්ද කැරලිකරුවන් විසින් ගිනි තබා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *