වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව කල් යයි

Share Button

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ලකද එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් මහතාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 12 වැනිදා දක්වා කල් තැබේ. මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග , මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද එම නියෝගය කළේය. එම නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය වන බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීමට සිදු වන බව විනිසුරුවරු පෙන්වා දුන්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...