තම රට අධිධ්වනිත මිසයිලයක් අත්හදා බැලු බවට උතුරු කොරියාව ප්‍රකාශ කරයි.

Share Button

තම රට අධිධ්වනිත මිසයිලයක් අත්හදා බැලු බවට උතුරු කොරියාව ප්‍රකාශ කරයි. එරට රාජ්‍ය මාධ්‍ය මගින් ඒ බව සනාථ කර තිබෙ.් උතුරු කොරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමිය මෙම පරීක්ෂණය සිදු කළ බව එරට ජාතික පුවත්පත වාර්තා කරයි. මෙම මිසයිලය කිලෝමීටර් 700 ක් දුර ගමන් කර අපේක්ෂිත ඉලක්කයට පහර දුන් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම අධිධ්වනිත මිසයිල නිර්මාණය කර ඇත්තේ ශබ්දය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කිරීමටයි. ඒවාට පියාසර කිරීමේ ගමන් මග වෙනස් කිරීමට ද හැකියාව ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *