ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් තොටුපලේදීම කොවිඩ් එන්නත.
දිවයිනට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් තොටුපලේදීම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් අද සිට ඇරඹෙයි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම සමාගමේ සභාපති ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.