2025 වසර වනවිට ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක් ඇරඹෙයි.

Share Button

ජනතාව හමුවේ  පවතින විවිධ පීඩාවන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. කොරෝනා ව්‍යසනය හමුවේ ගෝලීය ආර්ථික අර්බුදයක් පැවතිය ද රජය ජනතාවට සහන පැකේජ ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එතුමා මෙම අදහස් පළ කළේ කුරුණෑගල මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට අද එක්වෙමිනි. මෙම ව්‍යාපෘතියෙන් මහවැලි ගඟ‍ෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදු කර ගලගෙදර හරහා මාවතගමට ගෙන යයි. එමගින් දශක කිහිපයක් පුරා පැවති පිරිසිදු පානීය ජල හිගයෙන් පීඩා විදි මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි. මේ සඳහා වැය වූ මුදල රුපියල්  මිලියන 3126 කි. 2025 වසර වනවිට මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...