සිනමාවට වසර 75 ක් පිරීම නිමිත්තෙන් නොමිලේ චිත්‍රපට

Share Button

මෙරට කථානාද සිනමාවට වසර 75 ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් ලබන 21 වැනිදා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙයි. මෙරට මුල්ම කථානාද චිත්‍රපටය වුයේ කඩවුනු පොරොන්දුවයි. එය 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කිංස්ලි සිනමා ශාලාවේදී තිරගත කෙරුනි. 75 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි රවි ප්‍රසාද් පවසයි. අනිද්දා සිට 16 වැනිදා තෙක් තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපට උළෙලකි. මෙරට සිනමාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපට 07 ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. එය රසිකයන්ට නොමිලේ පැවැත්වෙන අතර චිත්‍රපට ප්‍රදර්ශනය සෑම දිනකම පස්වරු 5.00 ට ඇරඹෙයි. ලබන 10 වැනිදා ගොඵ හදවත 11 වැනිදා විරාගය 12 වැනිදා වල්මත්වුවෝ 13 වැනිදා සිකුරුලියා 14 වැනිදා ගැහැණු ළමයි 15 වැනිදා සුද්දිලාගේ කථාව සහ 16 වැනිදා බඹරු ඇවිත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *