අනතුරට පත් බේරුවල ධීවර යාත්‍රාවේ ධීවරයින් පහක් මාලදිවයින් මුහුදු තිරයේ
අනතුරකට ලක්වීමෙන් මාලදිවයින් මුහුදු තිරයේ රැදි සිටි ශ්‍රි ලාංකික ධිවරයන් පස්දෙනෙකු නාවික හමුදාව බේරාගෙන තිබෙ. බේරුවල මුහුදු තීරයෙන් පිටත්ව ගිය ධිවරයන් හයදෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක් වි ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කරයි. මෙම ධිවර යාත්‍රාව පසුගිය 04 වැනිදා සිට ගොඩබිම සමග සබඳතා පවත්වා නොමැති බවට නාවික හමුදාවට වාර්තා වී ඇත. ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ධිවරයන් පස්දෙනෙකු ඊයේ බේරාගැනිමට හැකි වු බව හෙතෙම කියයි. එක් ධිවරයෙකු අතුරුදන්ව තිබෙ.