උතුරු පකිස්ථානයේ අධික හිමපතනයෙන් 21 දෙනෙක් මියයති

Share Button

උතුරු පකිස්ථානයේ අධික හිමපතනයෙන් 21 දෙනෙක් මියයති. ඉන් බහුතරයක් මියගොස් ඇත්තේ වාහනවල සිරවීමෙන් බව විදෙස් මාධ්‍ය පවසයි. කදුකර නගරයක් වන මුර්රිී ප්‍රදේශයේ සිරවී සිටින පුද්ගලයින් බේරාගැනිම සදහා හමුදාව උත්සහ දරමින් සිටි. එම ප්‍රදේශයට ඇතිවු හිම කුණාටුවක් හේතුවෙන් වාහන දහසක් පමණ අධිවේගී මාර්ගයක සිරවි ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂිඩ් ප්‍රකාශ කර තිබේ. සංචාරකයන් රැසක් ද අතර ඇතැයි වාර්තාවේ. මුර්රී ප්‍රදේශයට පැවැති අසාමාන්‍ය හිමපතනය දැක ගැනිම සදහා විශාල පිරිසක් නගරයට පැමිණිමෙන් දැඩි වාහන තදබදයක් ද ඇති වි ඇතැයි එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *