රුසියානු හා ඇමරිකානු නියෝජිතයෝ අද ජිනීවාහි දී රැස්වෙති

Share Button

ආරක්ෂාව පිළිබඳ සහතික වීම සම්බන්ධ ගිවිසුම් යෝජනාව අද ජිනීවා හිදී රැස්වන රුසියානු හා ඇමරිකානු නියෝජිතයන්ගේ සාකච්ඡාවට ලක් වෙයි. මෙහිදී දෙපාර්ශවය මේ සම්බන්ධයෙන් පුඑල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෙර්ගෙයි රිබ්කොව් සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෆොමින් රුසියානු දූත පිරිසට නායකත්වය සපයති. ඇමරිකානු දූත පිරිස පළමු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වැන්ඩි ෂර්මන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට සහභාගි වෙති. නේටෝ සංවිධානය නැගෙනහිරට ව්‍යාප්ත නොකිරීම, අවම පියාසැරි කාලයක් ගන්නා ප්‍රහාරාත්මක අවි රුසියානු දේශ සීමාවට යොමු නොකිරීම සහ 1997 වසරේ ස්ථානගත සිටි ප්‍රදේශවලට නේටෝ සංවිධානය සීමා වීම ආදී කරුණු රුසියාව විසින් ඇමරිකාවේ අවධානයට යොමු කර තිබේ.

රුසියාව තව දුරටත් කීකරු හවුල්කරුවෙකුගේ භූමිකාව ඉටු නොකරන බව අවධාරණය කරන රුසියාව සෑම විටම නිවැරදිය යන මායාවෙන් මිදී ඇමරිකාවට නව තත්ත්වයන්ට අනුගතවීමේ කාලය උදා වී ඇතැයි සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *