ගින්දර යට පැයක් සිට මාතලේ තරුණයකුගෙන් ලෝක වාර්තාවක්.

Share Button

අඩි හයක් ගැඹුරු පොළොවේ වළක් යට වාඩි වී ලෑලි දමා එය සම්පුර්ණයෙන් පස්වලින් වසා ගින්දර දමා පැයක කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට මාතලේ 36 හැවිරිදි මොහොමදු මස්හුන් මුසාදික් සමත් විය. ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ගෙන රටවල් 27 ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයක අධික්ෂණය යටතේ මෙය තබා තිබේ. සර්ව ආගමික වතාවත්වලින් පසු මෙම තරුණයා මෙම වාර්තාව පිහිටුවීමට වලට බැස ඇත. එම වල තුළ සී සී ටී කැමරා ද සවිකොට තිබුනි. වල මතුපිට දරසෑය අඛණ්ඩව භුමිතෙල් දමා දැල්වෙමින් පැවතුනි. මෙය නැරඹිම සදහා විශාල පිරිසක් පැමිණි අතර වාර්තාව පිහිටුවා අවසානයේ ජනතා ඔල්වරසන් මධ්‍යයේ ඔහුට හිමි සහතිකය පිරිනැමුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *