යුක්රේනයේ ආක්‍රමණය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව රුසියාව කියයි

Share Button

යුක්රේනයේ ආක්‍රමණය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව රුසියාව කියයි. ජිනිවාහි පැවති ඉහල පෙලේ හමුවකදී රුසියානු නිලධාරිහු ඒ බව සදහන් කළහ. එක්සත් ජනපද නිලධාරින් සමග එම හමුව පැවැත්වින.

කිසියම් ලෙසකින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල වුවහොත් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බවට එක්සත් ජනපදය අනතුරු අගවා තිබේ. රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝශප් බොරෙල් ෆොන්ටෙලස් මහතා පවසයි. ප්‍රහාරයක් එල්ල නොකරන්නේ නම් රුසියාව ලක්ෂයක පමණ හමුදා භට පිරිසක් යුක්රේන දේශසීමාවට කැදවා ඇත්තේ කුමන හේතුවකටදැයි ඔහු ප්‍රශ්න කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *