කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියත් සමග බංගලාදේශයට නව සීමා

Share Button

බංගලාදේශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග අලුතින් සීමා රැසක් හදුන්වා දි තිබෙ. ඔමික්‍රෝන් නව ප්‍රභේදය සමග රටතුළ ඉහළ යන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ලබන බ්‍රහස්පතින්දා සිට මෙම සීමා ක්‍රියාවට නැංවෙයි. එරට රජය සියලුම ආකාරයේ දේශපාලන සහ ආගමික රැස්විම් තහනම් කර තිබේ. ආපන ශාලා වලින් ආහාර ගැනිමේදී කොවිඩ් එන්නත් කාඩ් පත අවශ්‍ය වෙයි. සාප්පු සංකිර්ණ. හෝටල්. කාර්යාල ඇතුලු නිවසින් බැහැරවන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර ඇත. දුම්රිය සහ බස්රථ ධාවනය ද මගී ධාරිතාවයෙන් සියයට 50 ක් දක්වා සීමා කර තිබේ බංගලාදේශයේ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව පැය 24 ක් තුළදී සියයට 55 කින් ඉහළ ගොස් ඇත. ඉකුත් ඉරිදා එරටින් වාර්තා වු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1491 කි. ඊයේ එම සංඛ්‍යාව 2231 ක් දක්වා ඉහළ ගොස් තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *