යල කන්නය සදහා පොහොර මෙට්‍රික් ටොන් 90000ක් ආනයනය කෙරේ

Share Button

ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා පොහොර මෙට්‍රික් ටොන් අනුදහසක් ආනයනය කරන බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියයි. දැඩි පරීක්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව පමණක් ඒවා මෙරටට ආනයනය කෙරේ.

මේ වනවිට හෙක්ටයාර් ලක්ෂ 04 කට ආසන්න ප්‍රමාණයක වගා කටයුතු සදහා අවශ්‍ය පොහොර නිකුත් කර තිබේ. එය සමස්ත වගා බිම් ප්‍රමාණයෙන් සියයට 80 ඉක්මවයි. මහා පරිමාන පොහොර නිෂ්පාදකයන් 21 දෙනෙකු සිටින බවත් ඔවුන් නිපදවන පොහොර වල ප්‍රමිතිය පිළිබඳව පොහොර ලේකම් කාර්යාලය නිරතුරු අවධානයෙන් පසුවන බවත් විජේගුණවර්ධන මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *