කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

Share Button

අනාගතයේදී මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතුලු දෙස් විදෙස් ආරාධිත අමුත්තෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටිති.

අද අරම්භ වු නැගෙනහිර පර්යන්තය මිීටර් 1300 ක දුරකින් සමන්විත වෙයි. ලොව විශාල නැව්වලට වරායට පිවිසීමට හැකිරිදි ඉදිකිරීම් සිදුකෙරේ. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකේ ඉදිකිරීම් වසර 2025 වනවිට අවසන් කිරීම ඉලක්කයය.

මීට සමගාමීව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර වරාය අතර කොළඹ වරාය පසුවන්නේ 23 වැනි ස්ථානයේය. මෙම නැගෙනහිර සහ බටහිර වරාය පර්යන්ත ඉදිකර අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික ශක්තියක් එක්කරමින් දකුණු ආසියාවේ වරාය අතර 13 වැනි ස්ථානයට මෙය පත්වනු ඇත. එම අවස්ථාවේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව මිලියන 14 ක් දක්වා ඉහළ යනු ඇත. 2008 වසරේ එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුගයේදී මීටර් 26.8 ක දිගකින් යුත් දියකඩනයකින් මෙහි ඉදිකිරිම් ආරම්භ කෙරිණ. ඉන්පසු 2015 යහපාලන රජය සමයේ මෙහි කටයුතු අකර්මණය විය. වත්මන  ්රජය බලයට පත්වීමෙන් පසු කොළඹ ත්‍රිකුණාමලය සහ ඔලුවිල් වරාය ඇතුලු සියලු වරාය දියුණු කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය නිසා මුහුණදුන් කටුක අතීතය අමතක කර ඉදිරි වසර තුනේදී දැවැන්ත සංවර්ධනයකට පෙළ ගැසෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

2005 වසරේ බලයට පැමිණී රජය 2008 වසරේ දැවැන්ත යුද්ධයක් පැවතියදිත් හම්බන්තොට වරාය ඇතුඵ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීය. විපක්‍ෂය එම ඉදිකිරීම්වලට විශාල ලෙස විරුද්ධ විය. 2015 දී බලයට පැමිණි යහපාලන රජය හම්බන්තොට වරාය 99 අවුරුද්දකට විදේශ රටකට බදු දුන්නේය. .එදා යුද්ධය පැවැති සමයේ වුවද සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුකළ බව පැවසු රාජපක්‍ෂ මහතා ඔලුවිල් වරාය. ගුවන් තොටුපොල හා අධිවේගී මාර්ග ඉදිකළ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...