මේ වසරේදී සියයට පහමාරක ආර්ථික වර්ධන වේගයක්

Share Button

මේ වසරේදී සියයට පහමාරක ආර්ථික වර්ධන වේගයක් ලගාකර ගැනීම අපේ්ක්ෂාව බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය වසරේදී ආර්ථිකය තරමක් අඩාල විය. මේ වසරේදී ආර්ථික වර්ධන වේගය වඩාත් වර්ධනය කර ගැනීම සදහා සියලු දෙනා එක්විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පල කළේය. මහ බංකුවේ විදේශ සංචිතද මේ වනවිට වර්ධනය වී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ රටේ බොහෝ ක්‍ෂේත්‍රවලට දැඩි බලපෑම් එල්ල වු බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

සංචාරක කර්මාන්තයෙන් රටට ලැබීමට තිබු මුදල්ද අහිමිවිය. ඇතැම් පිරිස් රට බංකොලොත් වන බවට අසත්‍ය මතවාද ජනතාව අතරට ගෙන යමින් සිටිති. එම ප්‍රකාශ සම්පුර්ණයෙන් බැහැර කරන බව කබ්රාල් මහතා සදහන් කළේය.

මේ වසරේ ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවීමට නියමිතව තිබේ. එය ගෙවාගැනීමට නොහැකි වෙතැයි බොහෝදෙනා චෝදනා කලද රජය මෙම මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

2009 වසර වන විට මෙරට රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 92 කි. එය 2014 වන විට ඩොලර් මිලියන 892 ක් දක්වා වර්ධනයවී තිබේ. එහෙත් එවැනි වර්ධනයක් පිළීබඳව කිසිවෙකු ප්‍රශ්න නොකරයි. සුලු කඩා වැටීමක් ඉතා විශාල කර පෙන්වීමට ඇතැම් පිරිස් ක්‍රියාකරන බවට ඔහු චෝදනා කළේය.

රට තුළ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලුකාරී තතත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. කොවිඩ් වසංගතය කිසිවෙකු අපේක්ෂා නොකළ තත්වයකි. එය වසර දෙකකට අධික කාලයක් පුරා ශ්‍රීලංකාවට මෙන්ම ලොව සෑම රටකටම පාහේ බාධා එල්ල කරමින් තිබේ.

මෙරට ආර්ථිකයේ සුබවාදී ඉදිරි ගමන සදහා තමා ආරම්භ කළ වැඩපිළීවෙල ඉදිරියෙන් ඉදිරියටම ගෙනයන බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. භාණ්ඩ හා සේවා අපනයනයේදී ඩොලර් වලින් ලැබෙන මුදල් වලින් අදාළ වියදම් ගෙවා ඉතිරි මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අපනයනකරුවන්ට අවකාශ සලසා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *