කොළඹ තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කෙරේ

Share Button

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කෙරේ. ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස ව්‍යාපාරික ස්ථාන ආයතන රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍ර ඉදිකිරීම් භුමි ආදියෙහි නවාතැන් ගෙන සිටින තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එහිදී ලබා ගැනෙනු ඇත. තොරතුරු රැස් කිරීම අද සිට දින 3 ක් සිදු වෙයි. බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසය විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවයි. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් කොළඹ නගරයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමත් වැඩසටහනේ අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *