අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කිරීමට උපදෙස්

Share Button

අධ්‍යාපන විද්‍යා පීඨ හෙට සිට ආරම්භ කරන්නැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන අගහරුවාදා සිට අධ්‍යාපන විද්‍යා පීඨඔවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට එම විෂයෙහි ගුරු පුහුණුව සඳහා ඇතුලත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙ. ඒ අනුව 19 ක් වන මෙරට විද්‍යා පීඨ සංඛ්‍යාව නව විද්‍යා පීඨයත් සමග 20 ක් දක්වා ඉහළ යයි. මේ වනවිට විද්‍යා පීඨවල සිසුහු 7784 දෙනෙක් ගුරු පුහුණුව ලබමින් සිටිති. ඉන් 4547 දෙනෙක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පුර්ණ කරමින් සිටිති. එම පිරිස් කඩිනමින් ගුරු සේවයට එක් කර ගන්නැයි සිය අමාත්‍යංශයේ ඊයේ පැවති රැස්වීමක දී ඇමතිවරයා උපදෙස් දුන්නේය. විද්‍යා පීඨවලට අලුතින් බඳවා ගන්නා සිසුන් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *