19 න් පහළ ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් හිදිී අද ඇරඹෙයි

Share Button

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් හිදිී අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව එහිදී ඩී කොටසින් තරග වදී. ස්කොට්ලන්තය ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් එම කොටසට අයත් සෙසු කණ්ඩායම් වෙයි. තරගාවලියේ පුහුණු තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. හිටපු ශ්‍රිී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පුහුණු උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග එක්ව සිටී. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධන මහතායි. ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තමන් සුදානමින් සිටින බව ශ්‍රීී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පවසයි. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 2 ක් අද පැවැත්වෙයි. බටහිර ඉන්දීය කොදෙව් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් ද ස්කොට්ලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් ද එහිදී තරග වදිනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *