මහගම සේකර කලාකරුවා මියගොස් වසර 46 ක්

Share Button

මහගම සේකර කලාකරුවා මියගොස් අදට වසර 46 ක් සපිරෙයි. ඔහු ගීත රචකයෙක කවියෙක නවකථාකරුවෙකු කෙටිකථා කරුවෙකු පරිවර්තකයෙක චිත්‍ර ශිල්පියෙකු ආදි වශයෙන් අංශ රැසකින් දස්කම් දැක්වුවෙකි. ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. 1960 දී නිබන්ධ සම්පාදකවරයෙකු ලෙස ජාතික ගුවන් විදුලියට එක්වු මහගම සේකරයන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතය සපයා ගායනා කළ මධුවන්ති වැඩසටහනට ගීත රචනා කළේය. මධුවන්ති වැඩසටහන මෙරට සිංහල ගීත ක්‍ෂේත්‍රයේ සදාතනික නිර්මාණයක් ලෙස සැලකෙයි. මහගම සේකරයන් ක්‍ෂේත්‍ර ගණනාවක් යටතේ ග්‍රන්ථ සම්පාදනය කර තිබේ. තමන් උපන් ගම වු රදාවාන ගම්මානය පසුබිම් කර ඔහු ලියු තුම්මන් හන්දිය නවකථාව ඔහු විසින්ම සිනමාවට නැගීය. 1970 දී තිරගත වු තුම්මන් හන්දිය චිත්‍රපටය ඔහුගේ ප්‍රථම හා එකම චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මහගම සේකරයන් චිත්‍රපට රැසකට ගීත රචනා කර තිබේ. ඒ අතරින් ගැටවරයෝ චිත්‍රපටයට ලියු ඈත ගව් ගණන් සත් සමුදුර චිත්‍රපටයට ලියු සිනිඳු සුදු මුදු තලාවේ හා බිනරමලී චිත්‍රපටයට ලියු රටකින් රටකට යන ගීත සඳහා ඔහු හොඳම ගීත රචකයාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *