කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙක්

Share Button

මොණරාගල දිස්ත්‍රික්කයේ කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙක් පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය අරඹයි. ශ්‍රීී ලංකාව දියර කිරිවලින් ස්වයංපෝෂිත කිරීම අරමුණු කර මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන තිරසර ජාතික සංවර්ධන වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. වැඩසටහන පිළිබඳව මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම රාජ්‍ය ඇමති ඩී වී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිසා ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදු විය. කිරි ගවයන් 5 දෙනෙකු සිටින ගොවියෙකුට ගව ගාල් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂයක් ද කිරි ගවයන් 10 දෙනෙකුට වැඩියෙන් සිටින ගොවියෙකුට රුපියල් එක්ලක්ෂ 50 ස් දහසක් ද සපයන බව රාජ්‍ය ඇමතිවරයා එහිදී පැවසීය. ඊට අමතරව තණකොල වගා කරන අයට මුල්‍යාධාර සැපයේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *