මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස හෙට ජනතා අයිතියට

Share Button

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පැවරෙයි. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර වන එහි දුර කිලෝමීටර් 41 කි. ඒ සඳහා වැය කෙරුනු මුදල රුපියල් කෝටි 13 න් දහස් 700 කි. මීරිගම නාකුඵඟමුව දම්බොක්ක කුරුණෑගල හා යක්ගහපිටිය යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 කි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ එම අධිවේගී මාර්ග කොටස නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර තිබේ. මංතීරු 4 කින් සමන්විත මීරිගම-කුරුණෑගල කොටස දැනට ශ්‍රීී ලංකාවේ අලංකාරතම අධිවේගී මාර්ග කොටස ලෙස සැලකෙයි. මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ජාතික ගුවන් විදුලියට පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට සාර්ථකව සිදු වන බවයි. 2024 දී එහි ඉදිකිරීම් නිම කෙරේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටසේ ඉදිකිරීම් ද දැන් ක්‍රියාත්මකයි. පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 32 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *