ඔස්ට්‍රේලියාවේ ඉහලම උෂ්ණත්වය ඊයේ වාර්තා විය

Share Button

වසර 60 කට පසුව ඔස්ට්‍රේලියාවෙන් ඊයේ ඉහලම උෂ්ණත්වයක් වාර්තා විය. බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් ඊයේ වාර්තා වු උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 යි දශම 7 කි. 1962 දී දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් එම උෂ්ණත්වය වාර්තා වී තිබේ. තවත් නගර 2 කින් ඊයේ සෙල්සියස් අංශක 50 ඉක්මවන උෂ්ණත්වයක් වාර්තා විය. හැකිතාක් නිවෙස්වලම රැඳී සිටින ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ. බටහිර ඔස්ට්‍රේලියාවෙන් පසුගිය කාලයේ ලැව් ගිනි රැසක් වාර්තා විය. හෙක්ටයාර 6000 ක් පමණ එමගින් විනාශ විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *