දුම්රිය ස්ථානාධිපති වර්ජනය පැවතිය ද දුම්රිය සේවා අඛණ්ඩව

Share Button

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නැවත වතාවක් හදිසි වර්ජනයක් ආරම්භ කිරීමෙන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යාමට සිටි ජනතාව දැඩි අසිරුතාවට පත්වුහ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හමුවේ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ නිලධාරින් පිරිසකට තර්ජනය කළ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මෙම වර්ජනයට හේතුව බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. වර්ජනය පැවතිය ද දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *