ත්‍රෛපොංගල් උත්සවයට සමගාමිව සහන භාණ්ඩ මල්ලක්

Share Button

ත්‍රෛපොංගල් උත්සවයට සමගාමිව මිල අඩුවීමක් සහිත භාණ්ඩ මල්ලක් සතොස වෙළෙඳසැල් මගින් අද සිට ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. එය භාණ්ඩ 20 කින් සමන්විතය. එහි වෙළෙඳපොල වටිනාකම රුපියල් 5771 කි. එම භාණ්ඩ මල්ල රුපියල් 3998 ක මිලකට සතොස වෙළෙඳසැල් මගින් ලබා ලබාගත හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය. එම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ 1998 දුරකථන අංකයට ඇමතීමෙන් එම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *