බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

Share Button

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීම් කඩිනම් කර තිබේ. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 10 කි. එමගින් මෙගාවොට් 35 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක විදුලි නිෂ්පාදනයක් සිදු කෙරෙන බව සුර්යබල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසයි. ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ අවසන් ජලවිදුලි බලාගාරය වන්නේ මෙයයි. කැළණි ගගේ අතු ගංගාවක් වන කෙහෙල්ගමුව ඔය හරහා ඉදිකෙරෙන කුඩා වේල්ලක් මගින් එහි ජලය ප්‍රධාන ජලාශයට යොමු කෙරේ. මෙහි විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේ කිතුල්ගල කඵකොහුතැන්න ප්‍රදේශයේය. මේ ආශ්‍රිතව බලශක්ති කෞතුකාගාරයක් බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *