ශ්‍රී ලංකා ගුවන් විදුලි තෛපොංගල් උත්සවය සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධාන කළ තෛපොංගල් උත්සවය සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්ථා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වින. එහිදී සභාපතිවරයා කියා සිටියේ පායන හිරුට අද පුදපුජා පවත්වාවනවා සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හෙට දවස ද සශ්‍රිකවීමට හිරු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇති බවයි.

සරුසාර අස්වැන්නක් සැපයීම වෙනුවෙන් ලොව පුරා හින්දු බැතිමතුන් සුර්ය දෙවියන්ට පුදපුජා පවත්වන තෛපොංගල් දිනය අද උත්සවාකාරයෙන් සමරති. සම්ප්‍රදායිකව සකස් කර ගත් කිරි බතක් හිරු දෙවියන්ට පිදීම මගින් අලුත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ට කෘතගුණ දැක්වීම මෙම දිනයේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ද තෛපොංගල් දිනය අද සැමරුහ. ඒ වෙනුවෙන් විවිධ උත්සව දිවයිනපුරා සංවිධාන කර තිබු බව අප ප්‍රාදේශිය වාර්තාකරුවෝ පවසති. මේ අතරඩ්€ තෛල්පොංගල් දිනය වෙනුවෙන් මෙරට හින්දු බැතිමතුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය සුභාශිංසණ පිරිනැමුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *