කැළණිතිස්ස විදුලි බලාගාරයට ඉන්ධන ලබාදීමට පියවර

Share Button

ඩීසල් නොමැතිවීමෙන් අක්‍රියවී ඇති කැළණිතිස්ස විදුලි බලාගාරයට ඉන්ධන මෙට්‍රික් ටොන් තුන්දහසක් අද ලබාදීමට ක්‍රියා කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම ඉන්ධන ලැබිමෙන් පසු එම බලාගාර යලි පණගැන්වීමට හැකිවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. ජාතික විදුලිබල පද්ධතියට අයත් සෙසු බලාගාරවල කාර්මික දෝෂ හට නොගතහොත් අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හැකි වනු ඇත. එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වනුයේ දින දෙකකට පමණි. ඉන්ධන තොග අඛණ්ඩව බලාගාරයට ලබාදීමට පියවර ගත යුතු බව විදුලිබල මණ්ඩලය කියයි. ඩීසල් නොමැතිවීමෙන් කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් ඊයේ අක්‍රියවිය. මේ නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *