මලල ක්‍රිඩා සගමයේ සියවස් සැමරුමට සමගාමීව අර්ධ මැරතන් තරගයක්

Share Button

මෙම මස විසිදෙවන දිනට යෙදෙන ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමයේ සියවස් සැමරැමට සමගාමීව අර්ධ මැරතන් තරගයක් සංවිධානය කෙරේ. මෙම තරගය විසි දෙවන දින උදෑසන හයට දියත උයන පරිශ්‍රෙයන් ආරම්භ විමට නියමිතයි. මෙහි දුර ප්‍රමණය කිලෝමීයර 21 වන බව ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය. මෙයට අමතරව කිලෝමිටර පහක දුරකින් යුත් සෞඛ්‍ය මාර්ග ධාවන තරගයක්ද පැවැත්වේ. නෙස්ලේ ආයතනය මේ සදහා අනුග්‍රහ්‍රකත්වය දක්වයි.
අනුග්‍රහක චෙක්පත බාරදීම නෙස්ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදි ඒ මහතා කියා සිටියේ දසක තුනකට වැඩි කාලයක් මැරතන් ක්‍රිඩාව නංවාලීම සදහා තම ආයතනය අනුග්‍රහ්‍රකත්වය දක්වා ඇති බවයි. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් මෙලෙස බිහි වු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *