බොරැල්ල දේවස්ථානයකදි අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුඵල් විමර්ශන

Share Button

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගියදා අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධීය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 14 ක් සටහන් කරගෙන ඇතැයි පොලිස්පති සී. බී. වික්‍රමරත්න මහතා පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් පුඵල් විමර්ශන සිදුකෙරෙන බව හෙතෙම පවසයි. විද්‍යාත්මක පරිවේශනීය තාක්‍ෂණික සාක්‍ෂි ඔස්සේත් පුද්ගල සාක්‍ෂි ඔස්සේත් එම විමර්ශන අඛණ්ඩව සිදුකෙරේඩ්€ මෙම අත්බෝම්බය දේවස්ථානයට රැගෙන ආ පුද්ගලයා හෝ ඒ සදහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේද ආධාර අනුබල දී තිබේද. වැනි කරුණු සම්බන්ධයෙන් දීර්ග ලෙස විමර්ශන කරන බව හෙතෙම කියයි. සිද්ධීයට අදාළ කරුණු මේ වනවිට අධීකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් පුඵල් ලෙස විමර්ශන සිදුකර තරාතිරම නොබලා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ඉදිරි පත් කිරිමට නියෝග ලබාදී ඇතැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *