ශීෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා

Share Button

2021 පහ ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය මේ මස 22 වැනි සෙනසුරාදා පැවැතවීමට සියලු කටයුතු සංවිධාන කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. මේ සදහා අයදුම්කර ඇති සිසුන් සංඛ්‍යාව 3 ලක්‍ෂ 40 දහස් 507 කි. මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්වෙයි. අපොස උසස් පෙළ විභාගය ලබන මස 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත්වෙයි. ඒ සදහා අපේක්ෂකයෝ 3 ලක්‍ෂ 45 දහස් 242 ක් පෙනී සිටිති. පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව දෙලක්‍ෂ 79 දහස් 141 කි. මධ්‍යස්ථාන 2438 කදී විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *