සියලු දුම්රිය ස්ථානවල වගකිීම පොලිසිය යටතට

Share Button

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් සියලු දුම්රිය ස්ථානවල වගකීම පොලිසිය වෙත පැවරීමට පියවරගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ බව පොලිස්පතිවරයා මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. වර්ජනය නිසා මගී ජනතාව මුහුණදෙන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බව හෙතෙම කියයි.

ජනතාව පීඩාවට පත් නොවන පරිදි හැකි උපරිම මට්ටමින් දුම්රිය සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධීකාරී ධමමික ජයසුන්දර මහතා පවසයි. වර්ජනය නිසා දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇත. දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන්නේ ජනතාවට සේවයක් ලබාදීම සදහාය. ඊට රජය අරමුදල් ලබාදෙන බව හෙතෙම කියයි. තෛපොංගල් දිනයේදී ජනතාව විශාල වශයෙන් දුම්රිය භාවිත කරති. දුර ගමන්සේවා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන අතර මෙවැනි දිනයක දුම්රියට විශාල ආදායමක් හිමිවෙයි. එහෙත් එබදු අවස්ථාවක මෙවැනි දිනයක වර්ජනය කිරීම කණගාටුවට කරුණක් බව හෙතෙම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *