ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්‍ෂ මහලේකම්වරයා පවසයි

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අණ්ඩුවෙන් ඉවත්විමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. මේ වනවිට පක්‍ෂයක් ලෙස සංවිධානය වීමේ වැඩපිළීවෙලක් පමණක් ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම සදහන් කරයි. දිස්ත්‍රික්ක මට්ටමින් සමුඵ සංවිධාන කිරීම හා පක්‍ෂ තරුණ හා කාන්තා ඒකාබද්ධ සංවිධාන පිහිටුවීම මේ දිනවල සිදුකෙරේ. එම ස්ථානවලදී කරනු ලබන ප්‍රකාශ උපුටා දක්වමින් විවිධ කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජයසේකර මහතා අවධාරණය කරයි. ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමේදී පැන නගින ගැටඵ නිරාකරණය කර ගනිමින් රජයට සහයෝගය දීමට තම පක්‍ෂය කටයුතු කරන බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *