ඉන්දියාව පරදවා දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක්

Share Button

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කේප් ටවුන් හි පැවැති 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් විය. ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 212 ක ඉලක්කයක් එල්ල විය. ඒ අනුව සිය දෙවන ඉනීම සදහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා එම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කීගන් පීටර්සන් ලකුණු 82 ක් රැස් කළේය. ඊට හතරේ පහර 10 ක ඇතුළත්විය.

අලුබදුන ශූරතාව සදහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර හෝබාර්ට් හි පැවැත්වෙන 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි. සිය පළමු ඉනීම සදහා පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවි ලකුණු 241 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *