ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක ස්වාමින් වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනපති අතින්

Share Button

පුජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අග්ගමහ පණ්ඩිත අභිධජ මහ රට්ඨ ගුරු කම්මට්ඨානාචාර්ය තනතුරේ සන්නස් පත්‍රය පිළීගැන්වීමේ මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වින. මහ සංඝරත්නය එම අවස්ථාවට වැඩම කළහ. ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුඵ ආරාධීතයෝ එම අවස්ථාවට එක්වුහ. ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධීකාරී ආචාර්ය පුජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස අනුනායක ස්වාමින් වහන්සේ මෙහිදි මහානායක හිමියන්ගේ සන්නස් පත්‍රය කියවීම සිදුකළහ. ඉන් අනතුරුව ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උන්වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්විය. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ නිල වෙබ් අඩවියද ජනාධීපතිතුමා අතින් මෙහිදී විවෘත කෙරිණ. මහානායක ස්වාමින් වහන්සේට විජිනිපත පිළීගැන්වුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේට අෂ්ඨපරිෂ්කාර පුජා කළේය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බුද්ධ ශාසනය තුළ ධර්මධර. විනයධර මහා යථිවරයාණන් වහන්සේට තනතුරු පිරිනැමීම බුද්ධකාලිනව සිට පැවතෙන සම්ප්‍රදායක් බව පැවසීය. අමරපුර නිකායේ මහානායක හිමියන් දේශ දේශාන්තරවල පවා ධර්මය ව්‍යාප්ත කරමින් උතුම් බුද්ධ ධර්මය ලෝපුරා ගෙනයාමට ගත් උත්සාහය ජනාධිපතිතුමා මෙහිදී අගය කළේයGo

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *