වඩාත් ඛේදනිය අවස්ථාවකට මුහුණදීමට සුදානම් වන්නැයි සදහන් කරමින් යුක්රේනයට සයිබර් ප්‍රහාරයක්

Share Button

යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා රුසියාව විවිධ ප්‍රකෝපකාරී ක්‍රියා සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකාව චෝදනා කරයි. මේ වනවිට රුසියාව ලක්ෂ ගණනක හමුදාව යුක්රේනයට ආසන්න දේශසීමාවල රඳවා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සදහන් කළේ තම රටේ ඕනෑම ස්ථානක හමුදාව රැඳවීමට තමන්ට හැකියාව ඇති බවයි. මේ අතර,යුක්රේනයේ ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. එහි යුක්රේනයට අනතුරු ඇගවිීමක් කරමින් සදහන් වුයේ වඩාත් ඛේදනීය අවස්ථාවකට මුහුණදීමට සුදානම් වන ලෙසයි. මේ අතර,ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්,රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමග ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට යුක්රේන ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ යෝජනාව ඇමෙරිකාව පිළිගෙන ඇතත්,රුසියාවෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නොමැත. විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙය පැවැත්විය හැකි බව යුක්රේනය කියා සිටි. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රෙබ්කෝව් සදහන් කළේ යුක්රේනයට පහරදීමට රුසියාවේ කිසිදු සැලැස්මක් නොමැති බවයි. ඔවුන් බලහත්කාරයෙන් අර්බුදයක් නිර්මාණය කරගෙන ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *